ප්‍රසිද්ධ සමාගමක ලොක්කා mop කරද්දී සේවකයෝ phone ඔබති

72

දියුණුවේ රහස් ගැන ඔබ අසා ඇති.

රටක් ලෙස ශ්‍රී ලංකාව දියුණු කරන්නට, ඕනෑවටත් වඩා බුද්ධිමතුන් නැතුවා නොවේ.

අපට වැරදුනේ කොතනද ?

බොහෝ පිරිසකගේ යෝජනාව – ‘සිස්ටම් එක වෙනස් කළ යුතුයි’

රටවල් වෙනස් ආකාරයෙන් හිතන්නේ, ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියල බලමු.

සේවකයෝ 40ක් වැඩ කරන දකුණු කොරියාවේ Hyundai, KIA උප සමාගමේ ප්‍රධානියා සම්බන්ධ සිද්ධිය උපුටා ගත්තේ Mks Anuruddha ගේ FB සටහනකින් .

මේ හැමදාම උදේ අටට වැඩ පටන් ගන්න කලින් තියෙන වි.10 ක මීටින් එක.ඔය ඈතින් කොස්සක් අරගෙන බිම මොප් කරන්නේ අපේ කම්පනියේ ප්‍රධානියා. මිනිහ මීටින් එක ගන්න ආපු වෙලාවේ කට්ටිය ඔක්කොම එන්න තව ටයිම් තියෙන නිසා කොස්සක් අරගෙන බිම මදිනවා.වාඩි වෙලා ෆෝන් ඔබ ඔබ ඉන්නේ සාමාන්‍ය සේවකයෝ ටික. මේ වගේ දෙයක් කොරියාවේ හරි සාමාන්‍ය සිදුවීමක්. සාමාන්‍යෙන් කොරියාවේ බොහෝ ආයතන වල පිරිසිදුකිරීම් වලට වෙනම සේවකයෝ නෑ. වැසිකිලි කැසිකිලි පිරිසිදු කරගැනීමේ ඉදලා විවේක වෙලාවට ඔෆිස් එක ඇතුලේ කෝපි එක හදාගන්නෙත් වැඩකරන සේවකයෝ ටිකම බෙදාගත්ත ටයිම් ටේබල් එකකට අනුව.
බොහෝ වෙලාවට පිරිසිදු කිරීමට වෙනම සේවකයෝ ඉන්නේ ජනයා වැඩිපුර ගැවසෙන බස් ටර්මිනල් ස්ටේෂන් පාරවල් ටවුන් වගේ පොදු ස්තාන සදහා පමණයි.


දැන් මේ ෆොටෝ එකේ ඉන්නේ සේවකයෝ 40 ක් වගේ වැඩ කරන කොරියාවේ Hyundai, KIA උපකම්පනියක ප්‍රාධානියෙක්. කම්පනිය වටේ මිදුල අතුගාන එකේ ඉදල මැෂින් එකක් කැඩුනම ඒව හදන්නත් මෙයා උදවු වෙනවා.වැඩ වැඩිකාලෙට සේවකයෝ අඩුනම් කම්පනියෙ කරන ඕන වැඩක් මෙයා කරනවා. ඉතින් මෙහෙම හැසිරුණයි කියල මෙයාට තියෙන ගෞරවය කවුරුවත් අඩුකරන් නෑ. මෙයත් දන්නවා මෙහෙම හැසිරුණයි කියල කවුරුවත් කරේ යන්නෙවත් ගෞරවය අඩු කරන්නෙවත් නෑ කියල.
මේ රටේ වැඩකාලය තුලදි ඕනම කෙනෙක්, තමන් ලගට එන කෙනාගෙ සේවකයෙක් වෙනවා.උදාහරණයක් විදියට අපි මෙහෙ ඩොක්ටර් කෙනෙක් ගාවට බෙහෙත් ටිකක් ගන්න ගියාම එයා අපේ සේවකයෙක් වෙනවා. එයා තමයි මුලින්ම අපිට හිස නවලා ආචාර කරල ඇතුලට එන්න කියන්නේ. ඒ ඩොක්ටර්ම එළියෙදි
බැංකුවකට ගියාම බැංකුවෙ අය එයාගෙ සේවකයො වෙනවා..
බස් එක ,රෝහල ,බැංකු…..මේ හැමඑකකම වැඩකරන අය ඒ වැඩකාලය තුල එයාල ලගට එන ජනතාවගේ සේවකයෝ. කුලමල ආගම ජාතිය තනතුරු වයස …. නිසා කෙනෙක් මත පැටවෙන සමාජ පීඩනය සෑහෙන්න අඩුයි. ඇත්තටම කිව්වොත් එහෙම සමාජ පීඩනයක් නැති තරම්. රටේ කවුරුන් හෝ වේවා මුලින් ආපු කෙනාටයි පෝලිමේ මුල්තැන.
කොරියාවේ මිනිස්සු ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදයක් භුක්‍ති වින්දට අපේ රටේ මිනිස්සු හැමදාම සමාජ ප්‍රජාතන්ත්‍රවාදයෙන් පීඩාවිදිනවා.
බස් එකකට නැග්ගොත් ඒකෙ ඉන්න කොන්දොස්තරගෙ පීඩාවෙ ඉදල රාජ්‍ය පෞද්ගලික සෑම ආයතනයකම තියෙන්න පීඩාවක්.. හැම කෙනාම බලන්නේ පුලුවන් පුලුවන් විදියට තමන්ගේ වැඩේ කරගන්න. සේවකයෝ බලන් ඉන්නෙත් පුලුවන් පුලුවන් විදියට තමන්ගාව තියෙන බලය ප්‍රයෝජනයට ගන්න. මුදලට තනතුරු වලට නැවෙන්න විකිණෙන්න. තමන්ට තියෙන තනතුර ඇතුලෙ පතුරවන්න පුලුවන් උපරිම සීමාවටම බලය පතුරගෙන දූෂණය වංචාව සිදුකරනවා.. රටේ ජනාධිපතිගෙ ඉදල පල්ලෙහාම රාජ්‍ය/පෞද්ගලික සේවකයා දක්වා කරන්නේ තමන්ගාව තියෙන “බලය” ප්‍රයෝජනයට ගන්න එක. ඒක එහෙම වෙන්නේ අපේ අධ්‍යාපන සිස්ටම් එකෙන්ම ඒව අනුමත කරන ජනතාවක් හදල තියෙනනිසා.
අපේ වගේ රටවල ආගම ජාතිය හමේපාට තනතුර නිළ බලය , පාවිච්චි කරන කාර් එක……වගේ ලක්ෂණ අනුවතමයි මිනිහෙක්ට ලැබෙන වටිනාකම තීරණය වෙන්නේ.
කවුරුහරි තනියම හිතල නිවැරදිව සමාජය එක්ක ගනුදෙනු කරන්න උත්සාහ කලත් ඊට අදාල සමාජයක් අවට නැති නිසා එයාටත් සිදුවෙනවා අවසානයේ එයාගාව තියෙන වටිනාකම් ටික ප්‍රයෝජනයට ගන්න. මේක මහා සමාජ පිළිලයක් වගේ හැම තැනම ක්‍රියාත්මක වෙනදෙයක්.තමාට එන පීඩාව වලක්වගන්න තමන් ලග තියෙන වටිනාකම් ටික ප්‍රයෝජනයට ගන්නවා. ඒකෙන් වෙන්නේ තවකෙක් මත පීඩාව පැටවෙනඑක. මේකනිසා අපේ වගේ රටවල ජීවත්වෙන මිනිහෙක් වෙනම ශක්තියක් වෙනම අවදානයක් දෙන්න ඕන සමාජය එක්ක ගනුදෙනු කරද්දි එන මේ පීඩාව වෙනුවෙන්.

කොරියාවේ මිනිහෙක්ට සමාජ පීඩාවක් නැති සමාජයක් හැදුණේ “තමන් හැදුනොත් රටත් හැදෙනවයි කියන ගොන්කතා නිසානම් නෙවෙයි” ඒක උනේ කාලයක් තිස්සේ මේ මිනිස්සුන්ට ලබාදුන්න දියුණු විද්‍යාත්මක අධ්‍යාපනක්‍රමයක් නිසා. මේ රටේ මිනිස්සුන්ගේ අධ්‍යාපන‍ය ආගමෙන් නිදහස් විද්‍යාත්මක එකක්. අධ්‍යාපනයේ මුලිකම බේස් එක වැටිල තියෙන්නේ විද්‍යාව ගණිතය සමාජ විද්‍යාව සෞඛ්‍ය වගේ… පුද්ගලිකවත් ලෝකයටත් වැඩක් කරන්න පුලුවන් අධ්‍යාපන කොටස් වලින්. ආචාරධර්ම වල ඉදල කුණුකසල අස්කිරීම.. මේ හැම දෙයක්ම එයාලට උගන්වන්නේ මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ. උදාහරණයක් විදියට මෙයාලට මත්පැන් පානය සම්බන්ධව පවා පාසලේදී උගන්වනවා.මෙයාලට පොඩිකාලෙදිම උගන්වනවා යාලුවෝ /සමවයස් අය එක්ක අරක්කු බොන්නෙ කොහොමද? වැඩිහිටියෙක් එක්ක අරක්කු බොද්දි තියෙන අචාරධර්ම මොනවද??? ඒ එක්කම මත්පෑන් පානයේ අදුරු පැත්තත් මෙයාලට උගන්වනවා.මේ වගේ අපේ රටවල් වල අධ්‍යපන කොටසේ හිතන්නවත් බැරි අධ්‍යාපන කොටස් මෙයාලගෙ අධ්‍යාපනයෙ ඇතුලත්වෙනවා. ඒක නිසා තමයි පැය 24ම අරක්කු කඩ ඇරල තිබ්බත් අර්ක්කු සැහෙන ලාභෙට ගන්න තිබ්බත් ගන්න තැනම බොන්න පහසුකම් තිබුනත් අපේ රටේ වගේ අරක්කු බීල වේගයෙන් බයික් පදින බාල ෆැන්ටසි තරුණ පරම්පරාවක් මේ රටවලදි හමුවෙන් නැත්තේ.

Your Comments