නිදන කාමරයේ දී උග්‍ර විෂ නාගයෙකු දමා බිරිඳ ඝාතනය කළ සූරාජ්

474

නිදන කාමරයේ දී බිරිඳ ඝාතනය කිරීමට උත්සහ කළ ස්වාමි පුරුෂයෙකු එය අසාර්ථක වූ තැන ඇය රෝහල් ගත කර සුව වී ආපසු පැමිණීමෙන් පසු බිරිඳගේ ඇඟට උග්‍ර විෂ සහිත සර්පයෙකු විසි කිරීමෙන් ඌ දෂ්ට කිරීම නිසා බිරිඳ මිය යාමේ සිද්ධියක් වාර්තා වනවා.

ඒ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන්.

27 හැවිරිදි Sooraj නම් සැකකාර ස්වාමිපුරුෂයා, සර්ප හසුරුවන්නන් (නයි නටවන්නන් ) පිරිසක් සමග සම්බන්ධ වී බිරිඳ මරා දැමීම ට සැලසුම් කර ඇති බවයි පැවසෙන්නේ.

මේ බව අනාවරණ වී ඇත්තේ පටිගත දුරකතන සංවාද විමර්ශනයේ දී.

පළමු අවස්ථාවේ බිරිඳ මරා දැමීමට උත්සහ කර ඇත්තේ නිදන කාමරයේ දී.

එහි දී බරපතල තුවාල ලැබූ ඇය රෝහල් ගත කර තිබෙනවා.

කෙසේ වෙතත් මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

මාස දෙකකින් පමණ පසු බිරිඳ සුවය ලබා රෝහලේ සිට පැමිණීමත් සමග ස්වාමියාට ද නිදහස ලැබී තිබුණා.

කෙසේ වෙතත් ඉතා විෂ සහිත Russell’s viper නමින් හඳුන්වන සර්පයෙකු දෂ්ඨ කරවීමට සැලැස්වීමෙන් Uthra නම් බිරිඳව මරා දමා තිබෙනවා.

බිරිඳ නිදා ගෙන සිටියදී උග්‍ර විෂ සර්පයා බිරිඳගේ ඇඟට විසි කර දමා ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

Sooraj කිසිවක් සිදු නොවූ ලෙසින් එම කාමරයේ ම රැඳී සිට තිබෙනවා.

Uthra ගේ මව පසුදා උදෑසන Uthra ගැන විමසා බැලීමේ දී ඇය ක්ලාන්ත වී ඇති බවක් විමර්ශනය වී වහා රෝහල් ගත කර තිබෙනවා.

ඇය මිය ගොස් ඇති බවට එහි දී වෛද්‍යවරුන් සඳහන් කළා.

ඒ අනුව ස්වාමි පුරුෂයා සහ සර්ප සැපයුම්කරු ද අත්අඩංගුවට ගැනුණා.

මේ අතර පොලිසියේ විමර්ශන ඇස අනුව හෙළිව ඇත්තේ Sooraj තම බිරිඳගේ දේපළ අයිතිය ලබා ගැනීමට උත්සාහ කර ඇති බවයි.

ධනවත් පවුලක සාමාජිකයෙක් වන උත්‍රා ට සහ පුද්ගලික බැංකුවක සේවය කළ සූරාජ් ට අවුරුද්දක් පමණ වයසැති දරුවෙකු ද සිටී.

විවාහය වෙනුවෙන් උත්‍රා ලබා දී ඇති දෑවැද්ද ඉහළ වටිනාකමකි.

එය නව මෝටර් රථයක් සහ ඉන්දීය රුපියල් 500,000ක් ද ඇතුළත් විශාල දෑවැද්දක් බව එරට පොලිසිය පවසනවා.

Your Comments