චතුර – සරූපා අරලියගහ මන්දිරයේදී යුග දිවියට

250

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සෙනාරත්න මහතා අද යුග දිවියට එළැඹ තිබෙනවා. ඒ වසා දැමුණු සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ මෙන්ම වර්තමාන කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවක් වන සරූපා සමංගි සමගින්. ඔවුන දෙදෙනාගේ විවාහ උත්සවය අරලියගහ මන්දිරයේදී අද(30) පැවැත්වෙනවා. චතුර සහ සරූපා මීට පෙර විවාහ ගිවිසගෙන තිබුණද ඔවුන්ගේ නිල විවාහ උත්සවය පවත්වා නොතිබුණි.
විවාහ උත්සවය සඳහා දේශපාලකයන් විශාල පිරිසක්, ව්‍යාපාරිකයන් සහ ආරාධිතයන් රැසක් එක්ව සිටින බවයි වාර්තා වන්නේ.

Your Comments