“ඇය මගේ බිරිඳයි” – උතුරු අයර්ලන්තයේ පළමු සමලිංගික විවාහය

178

උතුරු අයර්ලන්තයේ සමලිංගික විවාහයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්වුණේ, සමලිංගික විවාහ නීතිගත කළ පසු වාර්තා වූ පළමු සමලිංගික විවාහය ලෙසයි.

විවාහ ගිවිස ගත් බෙල්ෆාස්ට් (Belfast) හි පදිංචි 26 හැවිරිදි රොබින් පීපල්ස් (Robyn Peoples) සහ බ්‍රයිටන් (Brighton) හි පදිංචි 27 හැවිරිදි ෂර්නි එඩ්වර්ඩ්ස් (Sharni Edwards) ඉතිහාසයක් නිර්මාණය කළ බව විදෙස් මාධ්‍ය දක්වා තිබෙනවා.

ඔවුන්ගේ විවාහයට පෙර මාධ්‍ය සාකච්චාවක් පැවැත්වුණා.

එහි දී අනාවරණ වූයේ රොබින් – ෂර්නි යුවළ වසර 5ක් පමණ එක්ව ජීවත්ව සිට ඇති අතර එම සංවත්සරය සැමරිමට සූදානමින් සිටි බවක්.

කෙසේ වෙතත් සම ලිංගික විවාහවලට නීතිමය අවසරය හිමිවීමත් සමග රොබින් – ෂර්නි ගේ සංවත්සර උත්සවය විවාහ උත්සවයක් බවට පත් කර ගත්තා.

ජීවත්වීමේ සිහිනය සැබෑ වූ බව පෙන්වාදෙන රොබින් – ෂර්නි පවසන්නේ “අපි සමානයි” යනුවෙන් ලොවට පණිවිඩයක් ලබා දෙන බවයි.

සමලිංගික විවාහ 2014 සිට එංගලන්තය, වේල්සය සහ ස්කොට්ලන්තය තුළ බල පැවැත්වෙනවා.

Picture By Justin Kernoghan

(Photo by Charles McQuillan/Getty Images)

Your Comments