අගමැති මෝදී ‘දැති රෝලක්’ අරගෙන තනිවම වෙරළට ආවේ ඇයි?

71

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තමිල්නාඩුවේ මාමල්ලපුරම් (නොඑසේනම් මහාබාලිපුරම් – Mahabalipuram), වෙරළ තීරයේ පිරිසිදු කිරීමකට එක්ව සිටියේ 12 දා සෙනසුරාදා.

වෙරළේ අපද්‍රව්‍ය එකතු කරමින් අගමැති නරේන්ද්‍ර මෝදි විනාඩි 30ක් පමණ උදෑසන ඇවිදීමේ කටයුතුවලද නිරත වූයේ දැති සහිත උපකරණයක් ද අතකින් රඳවා ගනිමින්.

ඒ උපකරණය කුමක් දැයි බොහෝ දෙනෙකුට දන ගැනීමට අවශ්‍ය වූයෙන් සමාජ ජාල ඔස්සේ මේ ගැන විමසා තිබුනා.

ඊට පිළිතුරු සපයමින් අගමැති නරේන්ද්‍ර මෝදි ට්විට්ර් පණිවුඩයක් තබා ඇත්තේ අද උදෑසනයි.

“ඊයේ සිට, ඔබ බොහෝ දෙනෙක් මගෙන් අසමින් සිටින්නේ – මාමල්ලපුරම් වෙරළ තීරය ට යන විට මා අතේ ගෙන ගියේ කුමක්ද? යන්න …

… එය මම බොහෝ විට භාවිතා කරන කටු චිකිත්සක රෝලරයකි. එය ඉතා ප්‍රයෝජනවත් බව මට පෙනී ගොස් ඇත…”

චීන ජනාධිපති Xi Jinping සහභාගී වූ ඉන්දියානු – චීන සමුළුව පැවැත්වුනේ ද තමිල්නාඩුවේ මාමල්ලපුරම් හි දී.

Your Comments