හැමිල්ටන් ඇල අයිනේ මහා පරිමාණ තිප්පොළ

 10/23/2017 - 11:39
593 reads

උඩප්පුව පොලිස් වසමේ පිංකට්ටිය කලපුවෙ කඩොලාන කැලෑවක් තුළ හැමිල්ටන් ඇල අයිනේ කලපු තීරයේ මහා පරිමාණ  කසිප්පු නිෂ්පාදනාගාරයක් ගැන මුන්දලම පොලීසිටයට ඔත්තුවක් ලැබුණා.

බුද්ධි අංශයේ නිලධාරීන් තොරතුරු සොයා බැලුවා.

නිලධාරීන් වැටලීමක් සූදානම් කළේ ඒ අනුවයි.

ඒ අනුව 22 වැනිදා පස්වරුව වැටලීම ක්‍රියාත්මක කළා.
එහිදී එම ස්ථානයේ කසිප්පු නිෂ්පාදනය කරමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනුණා.

ඔහු උඩප්පුව, පිංකට්ටිය පදිංචි 21 හැවිරිදි අයෙක්.

කසිප්පු නිෂ්පාදනාගාරයේ තිබී...

කසිප්පු ඩ්‍රෑම්ස් 1600ක්...
බෝතල් 200ක්...
ගෝඩා ඩ්‍රෑම්ස් 33120ක් අඩංගු බැරල් 16 ක්...
තඹ දගර 04ක්...
ගෑස් ලිප් 02ක්..
ගෑස් සිලින්ඩර 03ක් ඇතුළු උපකරණ කට්ටලයක්ද පොලිස් බාරයට ගත්තා.

මෙම ස්ථානයේ නිෂ්පාදනය කළ  කසිප්පු සූක්ෂම ලෙසින් පිටස්තර ප්‍රදේශ වලට අලවි කර ඇති බවටයි අනවරණවී ඇත්තේ.

සැකකරු හලාවත දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(ඡායාරූප - ජුඩ් සමන්ත)

 

 

news24.lk
News24
sri lanka news 24
24 news