විද්‍යා දැරියගේ පවුලට ජනපතිගෙන් උපකාර

 10/22/2017 - 11:43
134 reads

යාපනයේදී අපයෝජනයට ලක්ව ඝාතනයට ලක්වූ විද්‍යා දැරියගේ වැඩිමහල් සොහොයුරියගේ උසස් අධ්‍යාපන කටයුතු මෙන්ම එම පවුලේ ඉදිරි කටයුතු වෙනුවෙන් ලබාදිය හැකි සියලු  උපකාර සිදුකරන බව ජනාධිපතිවරයා දැනුම් දුන්නා.

මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ  විද්‍යා දැරියගේ නිවස වෙත ගිය අවස්ථාවේ.

විද්‍යාගේ සහෝදරිය දැනට යාපනය විශ්ව විද්‍යාලයේ වවුනියාව මණ්ඩපයේ අධ්‍යාපන කටයුතුවල නිරතව සිටිනවා.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් නීතිමය කටයුතු කඩිනම් කිරීමට ජනාධිපතිවරයා දැක්වූ සහයෝගය වෙනුවෙන්   විද්‍යාගේ මව ජනාධිපතිවරයා වෙත කෘතඥතාව පළ කර සිටියා.

පවුලේ සුව දුක් විමසීම සදහා එම නිවසට පැමිණෙන බවට  ජනාධිපතිවරයා විද්‍යා දැරියගේ මව වෙත දුන් පොරොන්දුවක්  අනුවයි නිල මෙහෙවර ජංගම සේවා වැඩසටහනේ වවුනියාව දිස්ත්‍රික් අවසාන වැඩසටහන වෙනුවෙන් පැවති උත්සවයෙන් අනතුරුව  ඊයේ (21) එම නිවසට ගොස් ඇත්තේ.

එහිදී ජනාධිපතිවරයා පවුලේ සාමාජිකයින්ගේ සුවදුක්  විමසුවා.

ශිවලෝගනාදන් විද්‍යා දැරිය යාපනය, කයිට්ස්, පුංකුඩිතිව් ප්‍රදේශයේදී  සමුහ දූෂණයට ලක්කර ඝතනය කර තිබුණා.

news24.lk
News24
sri lanka news 24
24 news