2009 පාකිස්තාන ප්‍රහාරයේදී අපේ ක්‍රිකට් කණ්ඩායමේ දිවි රැකදුන් වීරයා මතකද?

 10/21/2017 - 10:55
213 reads

ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්ථානය හමුවේ ඊයේ  සිව්වන එක්දින තරගයෙනුත් පරාජයට පත්වුනා.

ඔය අතරේ පාකිස්තානය සමග ලාහෝර් නුවරදී පැවැත්වීමට නියමිත 3 වන පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරඟය සඳහා එරට ඇති ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී තත්වයක් හටගෙන තිබුනා. ඒ පිළිබඳ ස්වාධීන තක්සේරුවක් සිදු කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සංගමය විසින් ක්‍රිකට් ආයතනයට ලිපියක් ද යොමු කර තිබුනා.
මේ සම්බන්ධයෙන් ලබන සඳුදා දෙපාර්ශවය අතර විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වෙනු ඇති.

2009 පාකිස්තාන සංචාරයේදී සිදුවූ  අමිහිරි සිදුවීම තවමත් අමතක නැහැ.
ඒ රුදුරු ප්‍රහාරයෙන් අපේ ක්‍රීඩකයන්ගේ ජීවිත ආරක්ෂා කර ගනිමින් බස් රිය ධාවනය කළ  ඒ වීර රියදුරු  මතකයි නේද?
උතුම් මිනිසත්කමේ අගය ලොවට පෙන්වූ ඔබ.......

 

news24.lk
News24
sri lanka news 24
24 news