අපේ වෑ-දිය අපේ දහදිය සමග මුසුවන අපේ ගොවිතැන

 10/06/2017 - 16:04
89 reads

පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් කෘෂි නිෂ්පාදනයේ සියයට 50ක පමණ පහත වැටීමක් සිදුව ඇති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ අද  ජාතික ආහාර නිෂ්පාදන සංග්‍රාමයේ සමාරම්භයට එක්වෙමින්.

කැකිරාව - තිබ්බටුවැව ජලාශය ආසන්නයේ දී ජාතික වප්මඟුල් උත්සවය පවත්වමින් වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කෙරුණා.

මෙරට කෘෂිකර්ම ක්‍ෂේත්‍රයේ ප්‍රබෝධයක් ඇති කිරීමේ අරමුණින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මග පෙන්වීම යටතේ වැඩසටහන ක්‍රියාවට නංවා තිබෙනවා.

දේශගුණික හා කාලගුණික විපර්යාස හමුවේ අභියෝගයට ලක් වූ ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන අඛන්ඩව හා තිරසර ලෙස  ඉදිරියට ගෙන යාම මෙහි තවත් අරමුණක්.

 

 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news