පැරණි නටඹුන් ස්ථානයේ ජාවාරම

 10/06/2017 - 07:21
170 reads

වවුනියාව, පරණ කට්කුලම ප්‍රදේශයේ මහා පරිමාණයෙන් නිධන් හැරීමේ ජාවාරමක නිරත  සිදුකළ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත්තා.
වවුනියාව පොලිසිය පැවසුවේ පැරණි නටඹුන් සහිත ස්ථානයක සැකකරුවන් නිධන් සොයා  ඇති බවයි.
සැකකරුවන් රාත්‍රි කාලයේ ජෙනරේටර් යොදා ගනිමින් නිධන් හැරීම සිදුකොට ඇති අතර, නිධන් සෙවීම සිදුකළ ස්ථානයේ අඩි 30ක පමණ ගැඹුරින් වළවල් හාරා ඇති බවද දක්නට ලැබෙයි.
සැකකරුවන් සතුව තිබී ජෙනරේටරයක්, ගල් කඩන යන්ත්‍ර, පූජා භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
(ඡායාරූප - වවුනියාව, මාධව කුලසූරිය)

 

news24.lk
News24
sri lanka news 24
24 news

Comments