මොරගහකන්ද ට යටවු ඉදිකිරිම් නැවත මතුවෙයි

 08/14/2017 - 12:52
809 reads

මොරගහකන්ද ජලාශයේ ගබඩා කළ ජලය වගාබිම් සඳහා මුදා හැරීමත් සමග ජලාශයට යටවු ගම්මාන මේ දිනවල යළි දැකගන්නට ලැබෙනවා.

නාඋල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ ගම්මාන හයක ජනතාව ජලාශයේ ජලය පිරීම හේතුවෙන්  වෙනත් ස්ථානවල පදිංචි කෙරුණා.

ජලාශයේ ජල මට්ටම පහළයෑමත් සමග කඹරව විහාරස්ථානය නැවත දැකගන්නට හැකිව තිබෙනවා.

මොරගහකන්ද ජලාශයේ ද සැලකියයුතු මට්ටමක ජලය පහළ  බැස ඇති අයුරු දිස්වෙයි.

මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ මහජන සම්බන්ධතා නිලධාරී පි. ජී. දයානන්ද මහතා කියා සිටියේ අක්කර අඩි එක්ලක්ෂ තිස් දහසක ජල ධාරිතාවෙන් මේ වන විට අක්කර අඩි පනස් දහසක් ගොවි කටයුතු සඳහා මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ සහ පරාක්‍රම සමුද්‍රය වෙත මුදා හැර ඇති බවයි.

කෙසේ වෙතත් මාස්කන්නයේ ඉහල ජලාධාර ප්‍රදේශ සඳහා ඇදහැලෙන වර්ෂා තත්ත්වය හේතුවෙන් මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම ඉහළ  යන බවත් සැලසුම්කර ඇති පරිදි ජල විදුලි නිෂ්පාදනය ද  සිදුවිමට නියමිත බවත් ඔහු පවසනවා.
(නාඋල - ඉන්දික අරුණ කුමාර)

ප්‍රධාන වාරි වේල්ල ආසන්නයේ ජලය අඩුවී ..

නැරඹුම් මධ්‍යස්ථානයට දිස්වන අයුරු...

කඹරව විහාරස්ථානය නැවත දර්ශනය වන අයුරු

ජලයෙන් යටවී තිබු කඹරව මන්සංධිය යළි දර්ශනය වන අයුරු

 

 

news24.lk
News24
sri lanka news 24
24 news