වතුර නෑ - අලවත් තියේවිද?

 08/14/2017 - 06:39
138 reads

පවතින වියලි කාලගුණික තත්වය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 8000කට අධික පිරිසක් පිඩාවට පත්ව සිටින බව මාතලේ ආපදා කළමනාකරණ ඒකකය පවසනවා.

අංශ ප්‍රධානි චමින්ද අමරවීර මහතා සඳහන් කළේ  පීඩාවකට ලක්ව ඇති වැඩිම පිරිස විල්ගමුව හා ගලේවෙල පදිංචි කරුවෝ බවයි.

දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල එක්ව ප්‍රදේශ කිහිපයකට  පානිය ජලය බවුසර් මගින් බෙදාදීමට පියවර ගෙන තිබෙනවා.

දඹුල්ල, ලග්ගල, විල්ගමුව මෙන්ම  ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශවල කුඩා වැව් රැසක් මේ වනවිට සිදී ගොස් අවසන්.

එම වැව්වල නෙලුම් අල හාරන පිරිස් මේ දිනවල දැකගත  හැකියි.

දඹුල්ල පහලවැවේ නෙලුම් අල හාරමින්......

(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)

 

 

news24.lk
News24
sri lanka news 24
24 news