මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු 6200 ක්

 08/12/2017 - 17:39
50 reads

මහවැලි ජනපදිකයන්ට ඉඩම් ඔප්පු ලක්ෂයක් බෙදාදීමේ ජාතික වැඩසටහන යටතේ මහවැලි එච් කලාපයේ ගොවි ජනතාවට ඉඩම් ඔප්පු 6200 ක් බෙදාදීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පස්වරුවේ තලාව ක්‍රිඩාංගණයේදී පැවැත්විය. 

ජනාධිපතිතුමා අතින් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය සිදු විය. 

පූජනීය මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන්ද, අමාත්‍යවරුන්වන පී.හැරිසන්, චන්ද්‍රාණි බණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, ඉන්දික බණ්ඩාරනායක, සාරානාත් බස්නාහක, යන මහත්වරුන් ද උතුරු මැද පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, හිටපු අමාත්‍ය තිස්ස කරලියද්ද, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම මහින්දසෝම යන මහත්වරුන් ඇතුළු පළාත් මැති ඇමතිවරු පිරිසක් සහ රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 

news24.lk
News24
sri lanka news 24
24 news