අරන්තලා භික්ෂු ඝාතනයේ තිස්වස් අනුස්මරණ පිංකම

 06/02/2017 - 18:46
330 reads

අරන්තලා භික්ෂු ඝාතනයට වසර 30ක් සපිරීම නිමිත්තෙන් පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නාහිමියන් ඇතුළු  භික්ෂුන්වහන්සේ අනුස්මරණය කරමින් පැවැති පිංකමට   ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  අද (02) පස්වරුවේ එක්වුනා. .

ඝාතනයට ලක්වූ මහා සංඝ  පීතෘවරයාණන් වහන්සේ නමක් වූ පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නායක හිමිපාණන් වහන්සේගේ පිළිරුව වෙත ජනාධිපතිවරයා  පුෂ්පෝපහාර  දැක්වූවා.

බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකළ පූජ්‍ය හෑගොඩ ඉන්දසාර නා හිමි අනුස්මරණ ශාලාව සහ විහාරස්ථානයේ සූර්ය බල විදුලි පද්ධතිය ද මෙහිදී ජනාධිපතිවරයාවිවෘත කළා.

ඝාතනයට ලක්වූ භික්ෂුන් වහන්සේ  සිහිකරමින් ඉදිකර තිබෙන  ස්මාරකය  නැරඹීමට ද ජනාධිපතිවරයා  එක්වුණා.

මහියංගණය රජමහා විහාරාධිපති පූජ්‍ය උරුලෑවත්තේ ශ්‍රී ධම්මරක්ඛිත නායක ස්වාමින් වහන්සේ, අම්පාර විද්‍යානන්ද පිරිවෙනේ අධ්‍යක්ෂ පූජ්‍ය කිරිදිවැල සෝමරතන නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍යවරුන් වන දයා ගමගේ, රංජිත් සියඹලාපිටිය, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, අනෝමා ගමගේ, හිටපු අමාත්‍ය පී. දයාරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ලොවම කම්පා කළ අරන්තලාවේ භික්ෂු සංහාරයට වසර 30යි - විස්තරය මෙතනින්

Aranthalawa Massacre

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
1 + 14 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.