පිටාර ගලන හැටි

 05/25/2017 - 20:12
1304 reads

ගිං සහ නිල්වලා ගංගා පිටාර ගැලීම හේතුවෙන් බද්දේගම සහ පානදුගම යන ප්‍රදේශවල ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ මේ හේතුවෙන් එම ගංඟා ආශ්‍රිත පහත් බිම්වල වෙසෙන ජනතාව වඩාත් අවධානයෙන් පසුවිය යුතු බවයි.

එහි සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ කළු සහ කැලණි ගඟේ ද ජල මට්ටම ඉහළ යමින්  පවතින බවයි.

නිල්වලා පිටාර ගැලීම

 

මාතර අකුරැස්ස බලපත්ඇල්ල - තැන්නහේන දෙකොටසේ  ප්‍රදේශවාසීන් දැඩි පීඩාවට අපත්ව ඇත්තේ  එගොඩ මෙගොඩ යා නොහැකිවීමෙන්....

අකුරැස්ස බන්ගම යක්කලමුල මාර්ගය  සම්පූර්ණයෙන් ජලයෙන් යටවීමෙන්  එහි  අනතුරු ස්වභාවයක් හටගෙන තිබෙනවා.

මධ්‍යම කදුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට තදවැසි ඇදහැලෙමින් පවතිනවා. පවතින වර්ෂා පතනයත් සමගම කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මටිටම ක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා. ඇදහැලෙන වර්ෂාවත් සමග නෝටන්බ්‍රිජ්  ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකම පස්කදු කඩා වැටි තිබුණා.

(ඡායාරූප රංජිත්  රාජපක්ෂ )

 

මේ වන විට කෑගල්ල, රත්නපුර, ගාල්ල සහ කළුතර යන දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටියේ නායයාමේ සලකුණක් දුටු වහාම අදාළ ප්‍රදේශවලින් ඉවත් වන ලෙසයි.

මේ අතර, නිරිතදිග මෝසම් වර්ෂාවේ වෙනස්වීම් පිළිබඳව වඩාත් අවධානයෙන් පසු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එහි අධ්‍යක්‍ෂ අතුළ කරුණානායක මහතා පැවසුවේ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි අතර, සුළං වේගය ද ක්‍ෂණිකව ඉහළ යා හැකි බවයි.

බෙංගාල බොක්ක ආශ්‍රිත ප්‍රදේශවල හට ගත හැකි කැළබිලි සහගත ස්වභාවයත් සමග සුළි සුළං ඇතිවීමේ අවධානම බැහැර කළ නොහැකි බව ද හෙතෙම කියා සිටියා.

 

flood