ඉන්ධන මිල සහ හුංගම උණුසුම

 05/13/2018 - 14:00
44 reads

හුංගම, ගුරුපොකුණ ප්‍රදේශයේදී ධීවරයින් පිරිසක් අද පෙරවරුවේ  විරෝධතාවක නිරත වුණා.

ඒ, ඉහළ දැමූ ඉන්ධන මිලට විරෝධය පළ කරමින්.

මේ හේතුවෙන් තංගල්ල - හම්බන්තොට ප්‍රධාන මාර්ගය එම ප්‍රදේශයෙන් අවහිර වී තිබූ බවයි NEWS24 වාර්තාකරු පැවසුවේ.

මේ අතර, සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනය අද ගාල්ලේදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඉහළ දැමූ ඉන්ධන මිලට විරෝධය පළ කර සිටියා.

එහි ජාතික සංවිධායක රත්න ගමගේ මහතා කියා සිටියේ ඉන්ධන සහනයක් ලබාදීමට රජය පියවර නොගතහොත් ඉදිරියේදී ඊට එරෙහිව දැඩි අරගලයක් සිදු කිරීමට සූදානම් බවයි.

ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් බහුදින යාත්‍රාවකට අමතර රුපියල් 35,000ක පමණ මුදලක් ද එක් දින ධිවර යාත්‍රාවකට රුපියල් 500ත් 700ත් අතර අමතර පිරිවැයක් ද දැරීමට ධීවර ප්‍රජාවට සිදුව ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ හේතුවෙන් පෙර පැවති මිලටම ධීවරයින්ට ඉන්ධන ලබාදීමේ වැඩපිළිවෙලක් තමන් ඉල්ලා සිටින බවයි වැඩිදුරටත් අදහස් දක්වමින්   සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ මහතා කියා සිටියේ.

 (ඡායාරූප - සනත් ගමගේ / අජිත් පුෂ්පකුමාර)

 

news24.lk
News24
sri lanka news 24
24 news