මහා නගරේ අවුරුදු සිරි

 04/09/2018 - 12:05
256 reads

'සූර්යාභිෂේකය' මහා නගරයේ මහා අවුරුදු උත්සවය අතිගරු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආකේඩ් පරිශ‍්‍රයේදී පැවැත්වුණා.

අමාත්‍ය චම්පික රණවක, නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන යන මහත්වරුන්ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියා.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් සංවිධානය කළ මෙම අවුරුදු උත්සවය හෙළ සිරිත් විරිත්වලට මුල්තැන දී ආරම්භ වූ අතර එය සාම්ප‍්‍රදායික අවුරුදු ජන ක‍්‍රීඩා, මෙන්ම තවත් තරඟ රැසකින් සමන්විත වුණා.

සූර්යාභිෂේකයේ මහා සංස්කෘතික මංගල්‍යය සංස්කෘතික අමාත්‍යාංශය, ශ‍්‍රීි ලංකා පොලීසිය, නාවික හමුදාව, ශ‍්‍රී ලංකා යුධ හමුදාව, ජාතික තරුණ සේවා සභාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ දායක්තවයෙන් ශිල්පීන් 1200 කගේ සහභාගීත්වයෙන් සහ ගරු කථානායක කරූ ජයසූරිය මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඇරඹි අතර එය සවස ටොරින්ටන් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදී නිමාවට පත් වුණා.

ඇති උත්කර්ශවත් අයුරින් පැවති මෙම සූර්යාභිෂේක මංගල්‍යයේ මියැසි ප‍්‍රසංගය ගායන ශිල්පීන් රැසකගේ සහභාගීත්වයෙන් ගරු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ආකේඩ් පරිශ‍්‍රයේදී පැවැත්වුනා.

සූර්යාභිෂේක මංගල්‍යයේ සුවිශේෂී අවස්ථාවන් කිහිපයක්.

 

news24.lk
News24
sri lanka news 24
24 news