ගිරිතලේ සිසුන් ලද අයිතිය

 03/01/2018 - 18:06
46 reads

ගිරිතලේ ජනපදය කණිෂ්ඨ විද්‍යාලයේ නව පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවය අද (01) පෙරවරුවේ   ජනාධිපති ගමෛත්‍රීපාල සිරිසේන මහතාගේ ගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලයේ දී පැවැත්වුණා.

''පිබිදෙමු පොළොන්නරුව'' දිස්ත්‍රීක් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 6ක් වැය කරමින් නව පංති කාමර ගොඩනැගිල්ල ඉදිකර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තිය සනිටුහන් කරමින් විද්‍යාල භූමියේ නා පැළයක්  රෝපණය කෙරුණා.

සමස්ත ලංකා පාසල් ගායන තරගාවලියේ ප්‍රාථමික අංශයේ සමූහ ගායන තරගයෙන් ප්‍රථම ස්ථානය දිනගත් විද්‍යාලයීය ගායන කණ්ඩායම වෙත සහතික පත්‍ර සහ පදක්කම් පිරිනැමීම ද උත්සවයෙදී  සිදු කෙරුණා.

ගිරිතලේ ශ්‍රී අග්ගබෝධි විහාරාධිපති දර්ශනපති වරදිවල ධර්මාරාම නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, පොළොන්නරුව දිස්ත්‍රීක් ලේකම් රංජිත් ආරියරත්න, හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ එන්.එම්.එම්.කේ නවරත්න යන මහත්වරුන් ද, විදුහල්පති බී.එන්. රණවීර මහතා ඇතුථ අචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු  පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

news24.lk
News24
sri lanka news 24
24 news
Maithrepaala Siriseena
Girithale
school