ගාල්ල බෝගහගොඩ 'රබර් ගින්න'

 02/08/2018 - 16:55
130 reads

ගාල්ල බෝගහගොඩ රබර් භාණ්ඩ නිෂ්පාදන කරනු ලබන කර්මාන්ත ශාලාවක එළිමහන් කොටසක් අද  (08) ගින්නකට අසුවීම නිසා එහි තිබු රබර් භාණ්ඩ විශාල ප්‍රමාණයක් විනාශවී තිබෙනවා.

කර්මාන්ත ශාලා පරිශ‍්‍රයේ,  නිෂ්පාදන කටයුතුවලට අවශ්‍ය කරන ටයර් සහ තවත් දෑ රැසක්  තිබී ඇති බව පොලිසිය සඳහන් කළා.

දහවල් 12.30 ට පමණ  ආරම්භවී  ඇති බව පැවසෙන ගින්න විනාඩි 45ක් පමණ පැවතිගින්නට හේතුව මෙතෙන් සොයාගෙන නොමැති අතර කර්මාන්ත ශාලාවට සුළු හානි සිදුව තිබෙනවා.

ගින්නෙන් ඇතිවූ කළු වලාවන් හේතුවෙන් අවට ප‍්‍රදේශයම වැසි ගොස් තිබෙනවා.

ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය, ගුවන් හමුදා, යුද හමුදා  ගිනි නිවන ඒකක, හබරාදුව පොලිසිය සහ ප්‍රදේශවාසින්  ගින්න මැඩ පැවැත්වීම සදහා කටයුතු කරනු ලැබුවා.

(හිනිදුම - රවීන්ද්‍ර චන්ද්‍රලාල්)

 

news24.lk
News24
sri lanka news 24
24 news