වතුකරයේ තෛපොංගල්

 01/14/2018 - 12:30
14 reads

වතුකරයේ ජනතාව ද ආගමික වතාවන්වලට මුල්තැන දෙමින් අද තෛපොංගල් උත්කර්ෂවත් ලෙස සමරනු ලබනවා.
හින්දු භක්තිකයන් නව වසරක ආරම්භයයි තෛපොංගල් වශයෙන් හදුන්වනු ලබන්නේ.
වතුකරයේ තෛපොංගල් දින ප්‍රධාන උත්සවය හැටන් මාණික්‍ය පිල්ලයාර් හින්දු කෝවිලේ දි පැවැත්වුණා.

ධාන්‍ය වර්ග රැසක් එක්කොට  කිරි බතක් පිලියෙළ  කර දෙවියන්ට පූජා කිරීමෙන් අනතුරුවයි තෛපොංගල් ආගමික උත්සවය පැවැත් වුණේ.

තෛපොංගල් දිනයේ දෙවන දිනය වන හෙටයි.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

වතුකරයේ හින්දු භක්තිකයන් ස්නානය කර තම නිවස  ඉදිරිපිට විවිධ කෝලන් රටා ඇද  නැකතට ලිප ගිණි මොලවා අලුත් හට්ටියක විශේෂ කිරිබතක් පිළියෙළ  කර එම කිරි බත හිරු දෙවියන්ට පූජා කරනු ලැබුවා.

news24.lk
News24
sri lanka news 24
24 news