උතුරේ තෛපොංගල්

 01/14/2018 - 11:22
5 reads

නෙළා ගත් අස්වැන්න යොදා ගනිමින් සූර්ය දෙවියන් උදෙසා පූජාවන් පවත්වමින් උතුරේ හින්දු බැතිමතුන් ද අද (14)  තෛපොංගල් දිනය මහත් හරසරින් සමරනු ලබනවා.

කෘෂිකාර්මික ජීවිතය හා බැඳුන හින්දු ජනතාව තම අස්වනු සරු කර ගැනීම උදෙසා උපකාර කළ සූර්ය දෙවියන් උදෙසා කෘතවේදීත්වය දැක්වීම වෙනුවෙන්, නෙළා ගත් අස්වැන්නෙන් මුල් කොටස වෙන් කර පුජා කරනවා.
නැවුම්  මුට්ටියක, හකුරු හා එළකිරි එක්කර කිරි ඉතිරවීමත්  තෛපොංගල් දිනයේදි සිදු කරනු ලබනවා.

ඒ සෞභාග්‍ය සංකේතවත් කරමින්.

තම නිවාසයන් හා ව්‍යාපාරික ස්ථාන ඉදිරිපස කිරි උතුරවා ආගමික වතාවත්වල නියැළෙනවා.

වවුනියාව ශාන්ත අන්තෝනි දේව් මැදුරේදීද තෛපොංගල් සැමරීමක් පැවැත්වීමද විශේෂත්වයක්.

වවුනියාව නගරයේ ගණදෙවි කෝවිලේ දේව පූජා පැවැත්වු අයුරු හා හින්දු ජනතාව නිවාස හා ව්‍යපාරික ස්ථාන ඉඳිරිපස කිරි ඉතිරවු අයුරු....
(වවුනියාව - මාධව කුලසූරිය)

 

news24.lk
News24
sri lanka news 24
24 news