පෙළපොත් බෙදා දීමේ ජාතික මහෝත්සවය

 01/11/2018 - 15:55
9 reads

අලුතින් මුද්‍රණය කරන පෙළපොත්ල වසර දෙකක කාලයක් භාවිතා කිරීමට පාසල් ළමුන් යොමුකරවීමට ගත් තීරණය යහපත් චේතනාවෙන් ගත් තීරණයක් බව  අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (11) කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ පැවති 2018 වර්ෂය සඳහා පෙළපොත් බෙදා දීමේ ජාතික මහෝත්ස්වයට එක්වෙමින්.

නිදහස් අධ්‍යාපනය කප්පාදු කරමින් සිසුන් වෙත පෙළපොත් විකිණිමට සහ පෙළපොත් ලබා නොදීමට අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කරන බවට විවිධ පාර්ශව විසින් පසුගිය දින වල දී එල්ල කළ පටු දේශපාලනික චෝදනා මුලුමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි උත්සවයේ දී අමාත්‍යවරයා පැවසුවේ.

රජය විසින් නොමිලේ ලබා දෙන පෙළපොත් තවත් වසරක් භාවිතා කිරීමට සුදුසු වන පරිදි සංරක්ෂණය කිරීමේ යුතුකම සහ වගකීම සිසුන් සතු වන බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

වසරක් භාවිතා කරන ලද පෙළපොත් නැවත භාවිතා කිරීම පිළිබඳ ඇති අකමැත්ත හේතුවෙන් ඇතැම් සිසුන් මෙන්ම දෙමාපියන් බොහෝ දෙනෙක් අධ්‍යාපන අමාත්‍යාංශයේ මිල දී ගැනීමේ මධ්‍යස්ථානවලින්  නව පෙළපොත් මිල දී ගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව ද අමාත්‍යවරයා  පවසා සිටියා.

එම වාතාවරණය උපයෝගී කරගනිමින් රජය පෙළපොත් විකිණිමට සහ නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමට පියවර ගන්නා බවට විවිධ පාර්ශව චෝදනා කරනු ලැබූ බවයි අකිල විරාජ් කාරියවසම් මහතා පැහැදිලි කළේ.

මේ  අතර සමාන්‍ය පෙළ විභාගය සඳහා ගතවන කාලය අවම කිරීමටත්, සාමාන්‍ය පෙළ විභාගයේ කටයුතු හේතුවෙන් නව වසරේ දී ආරම්භ වන අධ්‍යයන කටයුතු වෙත බාධා වීම වැළැක්වීම සඳහාත් ඉදිරියේ දී සාමාන්‍ය පෙළවිභාග කටයුතු දෙසැම්බර් මාසය තුළ දීම අවසන් කිරීමට තීරණය කර ඇති බවත්හ්  අමාත්‍යවරයා අවධාරණය කළා.

 අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා සහ විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා ඇතුළු නිලධාරීන් මෙන්ම පාසල් කිහිපයක් නියෝජනය කරමින් ගුරුවරුන් සහ සිසුන් රැසක් ද මෙම උත්සවයට එක්ව සිටියා.

news24.lk
News24
sri lanka news 24
24 news