මොරගහකන්ද ජලාභිශේක මංගල්‍යය

 01/08/2018 - 13:34
46 reads

මෙරට විශාලතම වාරි ව්‍යාපෘතිය වන 'මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතිය' අද (08) ජනතා අයිතියට පත් කෙරුණා.

එහි පළමු දියවර නිකුත් කිරීම අද පෙරවරුවේ දී සිදුකෙරුණේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින්.

එම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද එක්ව සිටියා.

මොරගහගන්ද, කළුගඟ වාරි ව්‍යාපෘතිය සඳහා 1950 වසරේ දී මුල්ම ශක්‍යතා අධ්‍යයනය සිදු කළත් එය වඩාත් විධිමත්ව ආරම්භ වන්නේ 2000 වසරේදීයි.

2007 වසරේ දී එහි කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණ එය නිමකිරීමට නොහැකි වුණා.

පසුගිය රජයේ දී මහවැලි සංවර්ධන අමාත්‍යවරයා ලෙස වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ ව්‍යාපෘතිය කඩිනම් කිරීම සඳහා මහඟු කාර්යයක් ඉටුකරනු ලැබුවා.

කෙසේ වෙතත්, එහි කටයුතු සක්‍රීයව ආරම්භ වූයේ නව රජය බලයට පත්වීමෙන් අනතුරුවයි.

ජනතා අයිතියට පත් කෙරුණු මොරගහකන්ද කලුගඟ ජලාශයේ සම්පූර්ණ ධාරීතාවය අක්කර අඩි හයලක්‍ෂ හැට දහසක්.

අනුරාධපුර, පොළොන්නරුව, මාතලේ, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවල යල සහ මහ කන්න දෙකෙහිම වගාකිරීම සඳහා ජලාශයේ ජලය ප්‍රමාණවත් වන අතර, ඒ යටතේ අදාළ ප්‍රදේශවල පානීය ජල අවශ්‍යතා සැපිරීම ද විශේෂත්වයක්.

එම සුවිශේෂී අවස්ථාව දැක්වෙන ජායාරූප පහතින්.

 

news24.lk
News24
sri lanka news 24
24 news