‘ගේම් ඔෆ් ත්‍රෝන්’ මුද්දර එකතුවක්

 01/04/2018 - 06:00
53 reads

ලොව අතිශය ජනප්‍රිය ‘ගේම් ඔෆ් ත්‍රෝන්’ රූපවාහිනී ටෙලි කථා මාලාව ඇසුරින් මුද්දර පෙළක් නිකුත් කිරීමට එක්සත් රාජධානියේ රාජකීය මුද්දර කාර්යාංශය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, රූපවාහිනී කතා මාලාවක් පාදක කර ගනිමින් මුද්දර එකතුවක් එළි දැක්වුණු පළමු අවස්ථාව මෙය බවයි සැළකෙන්නේ.

සම්මාන රැසකට පාදක වුණු ‘ගේම් ඔෆ් ත්‍රෝන්’ ඇමෙරිකාවේ HBO නාලිකාවේ නිෂ්පාදනයක්.

එක්සත් රාධානියේ නළු නිළි පිරිසක් මෙම චිත්‍රපටයට රංගනයෙන් දායකත්වය ලබා දෙනවා.

කතා මාලාවට එක්සත් රාජධානියෙන් ලැබුණු දායකත්වය සුවිශේෂී එකක් බවයි මුද්දර එළිදැක්වීමට කටයුතු කළ එක්සත් රාජධානියේ රාජකීය මුද්දර කාර්යාංශය, මුද්දර එළිදක්වමින් පවසා ඇත්තේ.

news24.lk
News24
sri lanka news 24
24 news