මන්නාරම දිසාවේ නව රදගුරු පියතුමා වැඩ භාර ගනියි

 12/31/2017 - 10:17
43 reads

මන්නාරම දිසාව භාර නව රදගුරු පියතුමන් ලෙස ආචාර්ය ලයනල් ඉමානුවේල් ප්‍රනාන්දු පියතුමා ඊයේ (30)  මන්නාරම රදගුරු නිවසේදී වැඩ භාරගනු ලැබමන්නාරම දිසාව භාර රදගුරු පියතුමා ලෙස කටයුතු කළ රායප්පු ජෝශප් පියතුමා රෝගාතුරවීමෙන් අනතුරුව පුරප්පාඩුවී තිබුණා.

රායප්පු ජෝශප් රදගුරු පියතුමා රෝගාතුරවීමෙන් අනතුරුව මන්නාරම දිසාව භාර වැඩබලන පාලක රදගුරු පියතුමන් ලෙස  පසුගිය වසර දෙකක පමණ කාලයක් කටයුතු කරනු ලැබුවේ කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමන්.

කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමා ත්‍රිකුණාමලය දිසාව නියෝජනය කළ බැවින් මන්නාරම රදගුරු පියතුමන් ලෙස ආචාර්ය ලයනල් ඉමානුවේල් ප්‍රනාන්දු පියතුමා පත්කොට ඇති බව මන්නාරම කිතුණු පාලක සභාව සඳහන් කළා.

ලයනල් ඉමානුවේල් ප්‍රනාන්දු පියතුමා යාපනය ප්‍රදේශයේදී උපත ලබා ඇත්තේ 1948 මැයි මස 20 වැනිදා.

නව රදගුරු පියතුමා පිළිගැනීම වෙනුවෙන් මන්නාරම තාල්පාඩු මංසන්ධියේ සිට මන්නාරම රදගුරු නිවස දක්වා මාර්ගය දෙපස අලංකාර ලෙස සැරසිලි කර තිබුණා.

නව රදගුරු පියතුමා වැඩ භාර ගැනීමේ අවස්ථාවට අතිපූජ්‍ය මැල්කම් රංජිත් කාදිනල් පියතුමන්, කිතුණු සභාව භාර මෙරට පාලක රදගුරු නියුටන් වැන්ඩෝට් පියතුමන්, මන්නාරම දිසාව භාර පාලක රදගුරු කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමා, කිතුණු පියතුමන්ලා, ප්‍රදේශයේ ආරක්ෂක අංශ උසස් නිළධාරීන්,ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියා.

(වවුනියාව - මාධව කුලසූරිය)

news24.lk
News24
sri lanka news 24
24 news
Lionel Emmanuel
new Bishop of Mannar