මිහිසරු සම්මාන උළෙල

 12/29/2017 - 11:23
14 reads

බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍ෂේත්‍රයේ විශේෂ දක්‍ෂතා සහ කුසළතා දක්වන ආයතන ඇගයීමේ මිහිසරු සම්මාන ප්‍රධානෝත්සවය ඊයේ පස්වරුවේ නෙළුම් පොකුණ රංඟ ශාලාවේදී පැවැත් වුණා.

ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.

සම්මාන ප්‍රධානෝත්සවය සඳහා නිල මාධ්‍ය අනුග්‍රහය දක්වනු ලැබුවේ සිත එෆ්.එම් ගුවන්විදුලියයි.

බස්නාහිර පළාත තුළ අපද්‍රව්‍ය කළමනාකරණ ක්ෂේත්‍රයේ විශේෂ දක්ෂතා හා කුසලතා දක්වන ලද රාජ්‍ය ආයතන හා පුද්ගලික ආයතන ඇගයීමට ලක් කිරීම හා දිරිගැන්වීම තුළින් අපද්‍රව්‍ය කළමනාකරණය නිවැරදි දිශානතියකට යොමු කිරීම අරමුණු කර ගනිමින් බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය විසින් සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කර තිබුණා.
 
අපද්‍රව්‍ය කළමනාකරණය නිසි ලෙස සිදුකරන පළාත් පාලන ආයතන, පාසල්, පෙර පාසල්, රාජ්‍ය ආයතන, ආරෝග්‍ය ශාලා, හෝටල් ඇතුළු අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා දායකත්වය දක්වන පරිසර පොලිස් ඒකකවල ක්‍රියාකාරීන් මෙන්ම පරිසර පොලිස් ආරක‍ෂණ කොට්ඨාස සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ අලංකරණ ඒකකයේ කටයුතු ඇගයීමට ලක් කරමින් Bronze, Silver, Gold yd Platinum  වශයෙන් ඇගයීම් සම්මාන ප්‍රදානය කෙරුණා.

සම්මාන ඛාණ්ඩ 08 ක් යටතේ රන් සමාන 13 ක් පිරිනැමුණේ  ජනාධිපතිවරයාගේ සුරතින්.

ශ්‍රී ලංකාවට අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් ජීව වායු තාක්ෂණය හඳුන්වා දුන් මිය ගිය ජී.කේ. උපවංශ මහතාට හිමි "මිහිසරු ස්වර්ණාභිමාන" විශේෂ සම්මානය ඔහුගේ පුත් සාගර දේශප්‍රිය උපවංශ මහතා වෙත පිරිනැමුණා.

බස්නාහිර පළාත තුළ අපද්‍රව්‍ය කළමනාකරණය කරමින් පරිසරය සුරැකීමේ පරමාදර්ශය ලබාදුන් පානදුර, නල්ලුරුව පෙර පාසලට හිමි "පරිසර කැකුළු" ප්ලැටිනම් සම්මානය හිමිවුණා.

"මිහිසරු හරිත නාමාවලිය" එළිදැක්වීම ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවූ අතර, බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ නව වෙබ් අඩවිය ද ජනාධිපති විසින්  විවෘත කළා.
 
අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, බස්නාහිර පළාත් ආණ්ඩුකාර කේ.සී ලෝගේෂ්වරන්, ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය යන මහත්වරුන් ඇතුළු පිරිසක්  මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news