මහ මුහුද මැද නිදහස ලබයි

 12/28/2017 - 17:06
90 reads

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළට අනවසරයෙන් ඇතුළු වී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නියැලීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව සිටි ඉන්දීය ධීවරයින් 20 දෙනෙකු යළි  එරටට භාරදුන්නා.

එම ඉන්දීය ධීවරයින් පිරිස භාර දීම සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් සීජී 404 මුර සංචාරක යාත්‍රාව එක් වූ අතර, ඔවුන් කන්කසන්තුරයට උතුරින් වූ අන්තර්ජාතික මුහුදු සීමාවේදී ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ ‘අමේයා’ නෞකාව වෙත භාර දීමට කටයුතු කරනු ලැබුවා.

මේ අතර මෙරට බන්ධනාගාරගතව සිටි ඉන්දිය ධිවරයින් 69 දෙනෙකු නිදහස් කර තිබෙනවා.

ඒ  ඔවුන් යාපනය සහ වව්නියාව අධිකරණවලට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

තමිල්නාඩු සහ පුදුච්චේරි ප්‍රදේශවල ධිවරයින් පිරිසක් මෙලෙස නිදහස් කර ඇති අතර පසුගිය කාලය තුල මොවුන් අත්අඩංගුවට ගැණුනේ මෙරට මුහුදු සීමාව උල්ලංඝණය කිරම හේතුවෙන්.

news24.lk
News24
sri lanka news 24
24 news
Navy facilitates repatriation of 20 Indian fishermen