කොන්දොස්තර පැදවූ බසය ඇලේ - දෙදෙනෙකු මරුට - 43කට තුවාල

 12/23/2017 - 14:20
134 reads

රත්නපුර ඇඹිලිපිටිය මාර්ගයේ දී පුද්ගලික බස් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තවක සහ පිරිමි පුද්ගලයෙකු  මියගොස් තිබෙනවා.
43 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඉන් 40 දෙනෙකු රත්නපුර රෝහලටත්, තුන් දෙනෙකු කහවත්ත රෝහලටත් ඇතුලත් කෙරුණා.
අද අලුයම 2.10 ට පමණ රත්නපුර පතුල්පාන ප්‍රදේශයේ දී අනතුරට ලක්ව ඇත්තේ ඌරුබොක්කේ  සිට කොළඹ බලා ධාවනය වූ පුද්ගලික බස් රථයක්.
බස් රථය මාර්ගයෙන් ඉවතට පැන දොඩම්ගහ ඇලට පෙරලි තිබෙනවා.

රථය පදවා ඇත්තේ කොන්දොස්තර විසින්. බසය පැදවූ කොන්දොස්තරවරයා රථයේ රූපවාහිනී  යන්ත්‍රය සකස් කිරීමට උත්සහ දරා ඇති අවස්ථාවේ  ඉදිරියෙන් පැමිණි කුඩා ලොරි රථයක බස් රථය ගැටීමට ගොස් තිබෙනවා. එය වැලැක්වීමට උත්සහ ගැනීමේදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන දොඩම්ගහ ඇලට පෙරලීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.
අනතුර සිදුවන විට බස් රථයේ මගින් 60 දෙනෙකු පමණ සිට ඇති බවයි NEWS24 වාර්තාකරු පවසන්නේ.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Rathnapura Bus Accident