හැරී කුමරු විවාහයට සුදානම් වන මේගන්ගේ නොදුටු දසුන්

 12/18/2017 - 10:26
349 reads

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාකල් අතර විවාහ ගිවිස ගැනීම පසුගියදා නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ඔවුන්ගේ විවාහය 2018 වසන්ත සමයේ සිදුවීමට නියමිතය.

1981 අගෝස්තු මස 4 වෙනි දින නෙදර්ලන්ත - අයර්ලන්ත සම්භවයක් ඇති තෝමස් වෙයින් මාකල් සහ අප්‍රිකානු - ඇමරිකානු සම්භවයක් ඇති ඩොරියා රැග්ලන්ඩ් ට දාව කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් නුවරදී උපත ලද මේගන් මාකල්, අද ලෝකයේ වැඩියෙන්ම කතා බහට ලක් වන කාන්තා චරිතයක් බවට පත් වී සිටිනවා.

නිළියක පමණක් නොව දක්ෂ නිරූපිකාවක ලෙස ද කටයුතු කළ මේගන් ජනප්‍රියත්වයට පත් වූයේ 2011 වසරේ සිට තිරගත වන 'සූට්ස්' නමැති ඇමෙරිකානු රූපවාහිනී විශේෂාංග මාලාව හරහායි.

එහි රේචල් සේන්ගේ චරිතයට පණ පොවන මේගන්, 2016 දී ලෝකයේ වැඩිම වාර ගණනක් ගූගල් සෙවීම් (Google search) කෙරුණු නිළියන් අතර ඉහළම ස්ථානයක සිටියි.

බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෙකු ඇමරිකානු කාන්තාවක විවාහ කර ගැනීම දෙවන වරටත් ඉතිහාසගත වන්නේ මේගන් - හැරී විවාහයත් සමග බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හැරී කුමරු සේම මානව හිතවාදී කටයුතු වල නියැලෙන, ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ උපාධිධාරිණියක් වන ඇය පසුගිය වසරේ දී කැනඩාවේ 'වර්ල්ඞ් විෂන්' (World Vision) රාජ්‍ය නොවන ආයතනයේ තානාපතිවරියක ලෙස ද කටුයුතු කර තිබෙනවා.

ලොව පුරා ප්‍රසිද්ධියට පත්ව සිටින ඇයගේ ජායාරූප එකතුවක් පහතින්. 

 

 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news