මොරගහකන්ද ජලාශයේ විදුලි උත්පාදනයේ පරීක්ෂණ සඳහා ජලය නිකුත් කිරීම ජනපති ප්‍රධානත්වයෙන්

 12/02/2017 - 18:13
98 reads

මොරගහකන්ද ජලාශය විදුලි බල උත්පාදනය සඳහා ද දායාද කර ගනිමින් එහි පරීක්ෂණ කටයුතු සඳහා ජලය නිකුත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරුණා.

පවතින අධික වැසි හේතුවෙන් මොරගහකන්ද වාරි ව්‍යාපෘතියේ විදුලිය නිපදවීම සඳහා අවශ්‍ය ජල ප්‍රමාණය වන මුහුදු මට්ටමේ සිට මීටර 178ක ප්‍රමාණය ඊයේ වන විට සම්පූර්ණ වී ඇති බව සඳහන්.

ඒ අනුව අද දහවල් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘති පරිශ්‍රය වෙත ගිය ජනාධිපතිවරයා එහි කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව විදුලි උත්පාදන කටයුතු ආරම්භ කිරීම පරීක්ෂාව සඳහා ජලය නිකුත් කිරීම සිදු කළා.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කළේ මෙය රජරට ජනතාව වෙනුවෙන් තමා දිගුකළක සිට දුටු සිහිනයක් සැබෑවීමක් බවයි.

මොරගහකන්ද ජලාශය මගින් ගොවි ජනතාවට අවශ්‍ය ජලය ලබා දීම සහ ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 25ක විදුලි ධාරිතාවක් එක් කිරීමට නියමිතයි.

 

news24.lk
News24
sri lanka news 24
24 news