නව කම්කරු නිලධාරින් 191කට පත්වීම්

 12/01/2017 - 15:24
49 reads

කම්කරු දෙපාර්තමේන්තුවේ නව කම්කරු නිලධාරින් ලෙස බදවාගත් 191 දෙනෙකුට පත්වීම් ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. 

පත්වීම් ලිපි ප්‍රදානය සංකේතවත්ව ජනාධිපතිතුමා අතින් සිදුවිය.

කම්කරු හා වෘත්තීය සමිති සබදතා අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න, අමාත්‍යාංශයේ ලේකම් එස්.ඒ.එන්. සරණතිස්ස, කම්කරු කොමසාරිස් ජනරාල් ඒ.විමලවීර යන මහත්වරුන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව විය.

 

news24.lk
News24
sri lanka news 24
24 news