ජනාධිපතිතුමා වෙනුවෙන් දකුණු කොරියානු ජනාධිපතිවරයාගෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක්

 11/30/2017 - 13:02
6 reads

දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් කොරියානු ජනාධිපතිවරයා සහ එම මැතිණිය විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය ඊයේ (29) පස්වරුවේ Blue House  ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණා.

දකුණු කොරියාව හා ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවලට 40 වසරක් සම්පූර්ණවීම සැමරීම ද මෙහිදී සිදු වූ අතර දෙරටේ රාජ්‍ය නායකයින් එක්ව කේක් කපා එම අභිමානවත් මිත්‍රත්වය සමරන ලැබුවේ.

රාත්‍රී භෝජන සංග්‍රහයට පෙර කොරියානු ගායක ගායිකාවන් සහ කොරියානු දරු දැරියන් එක්ව සිංහල ගීත ගායනා කරමින් පැවැත්වූ සංස්කෘතික ප්‍රසංගය නැරඹීමට ද ජනාධිපතිතුමා එක්වූ අතර විචිත්‍රවත් නැටුම් ගැයුම් වලින් ද ප්‍රසංගය වර්ණවත් වුණා.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, තිලක් මාරපන, දයා ගමගේ, රංජිත් සියඹලාපිටිය, තලතා අතුකෝරාළ, මලික් සමරවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුථ ශ්‍රි ලංකා දුත පිරිස  එක්ව සිටියා.

 

news24.lk
News24
sri lanka news 24
24 news