ජනපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා දකුණු කොරියානු ජනාධිපති අතර හමුවක්

 11/29/2017 - 15:37
4 reads

දකුණු කොරියාවේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ දකුණු කොරියානු ජනාධිපති මුන් ජෙයින් මැතිතුමා අතර නිල හමුව අද (29) පෙරවරුවේ සෝල් නුවර බ්ලූ හවුස් ජනාධිපති නිල නිවසේ දී සිදුවිය.
හමුදා උත්තමාචාර  පිළිගන්වමින් ඉතා අභිමානවත් අයුරින් ද එම පිළිගැනීම සිදුවූ අතර ජනාධිපතිතුමා පැමිණෙන මග දෙපස දෙරටේ ජාතික ධජ ප්‍රදර්ශනය කරමින් අලංකාරවත් අයුරින් සරසා තිබුණේ දෙරටේ දැඩි සබදතාවය මනාව පිළිඹිඹු කරමිනි.
නායක දෙපළ අතර සුහද කතා බහකින් අනතුරුව ද්වි පාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.
රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවෙන ගිවිසුම් 05 කට ද අත්සන් තැබිණි. 
දෙරට අතර අත්සන් තැබුණු ආර්ථීක සහයෝගීතාව පිළිබද ගිවිසුමට දකුණු කොරියානු ආර්ථීක කටයුතු අමාත්‍යවරයා සහ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා විසින් අත්සන් තැබීය.
රැකියා බලපත්‍ර ක්‍රමයට අදාළ ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර ඊට අත්සන් තබන ලද්දේ ඇමතිනි තලතා අතුකෝරාළ මහත්මිය සහ එරට රැකියා හා කම්කරු අමාත්‍යවරයා විසිනි.
2017-2019 වසරවලට අදාළව ආර්ථීක සහයෝගීතා අරමුදල වෙතින් ලබාගත හැකි ණය සම්බන්ධ ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ඊට අත්සන් තැබූහ.
ආයෝජන සහයෝගීතාව පිළිබද අවබෝධතා ගිවිසුමකට ද ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධනය මණ්ඩලය සහ දකුණු කොරියානු වෙළෙද ආයෝජන ප්‍රවර්ධනය නියෝජිත ආයතනය අතර අත්සන් තැබිණි. ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයේ සභාපති දුමින්ද රත්නායක මහතා සහ කොරියානු නියෝජිත ආයතනයේ ප්‍රධානියා මෙම ගිවිසුමට අත්සන් තැබීය.
දෙරට අතර සංස්කෘතික, කලා කටයුතු, අධ්‍යාපන, තරුණ හා ක්‍රීඩා කටයුතු පිළිබද අවබෝධතා ගිවිසුමකට ද විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන සහ දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යවරයා අතර අත්සන් තැබිණි. 
දෙරට අතර අත්සන් තැබුණු රැකියා බලපත්‍ර ක්‍රමයට අදාළ ගිවිසුම ඉදිරියේදී දකුණු කොරියාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයින්ට ඉතා වැදත්වනු ඇති බව මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදෙන රැකියා ප්‍රමාණය ඉහළ දමන ලෙස ද දකුණු කොරියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
ධීවර, ඉදිකිරීම් යන අංශවල ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට දකුණු කොරියාවේ පවතින රැකියා අවස්ථා ඉදිරියේදී කෘෂිකර්මාන්ත සහ පශ සම්පත් අංශයේ රැකියා දක්වා ඉහළ නංවන බව මෙහිදී දකුණු කොරියානු ජනාධිපතිවරයා සදහන් කළේය.

 

news24.lk
News24
sri lanka news 24
24 news