ජනපති දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

 11/29/2017 - 05:38
45 reads

දකුණු කොරියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා , ඊයේ (28) පස්වරුවේ සෝල් නුවර දී දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවිය.

භික්ෂූන්වහන්සේ වෘත්තිකයින්, ව්‍යාපාරිකයින්, ශිෂ්‍යයින් ඇතුථ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මෙම හමුවට එක්විය. 

2015 ජනවරම ඉටුකිරීම සදහා අභියෝග හා බාධක නොතකා කටයුතු කිරීම වෙනුවෙන් Nam San Hall Grund Hyatt  ශ්‍රී ලාංකික සංගමය විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත ස්තූතිය පළ කළ අතර, දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට රැකියා බලපත්‍ර ක්‍රමයක් හදුන්වාදීම සදහා ගිවිසුමක් අත්සන් තැබීමට කටයුතු යෙදීම පිළිබදව ද  ස්තූතියි පිරිනැමීය.

දකුණු කොරියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නව වෙබ් අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි. 

අමාත්‍යවරුන් වන ආචාර්ය සරත් අමුණුගම, තිලක් මාරපන, දයා ගමගේ, රන්ජිත් සියඹලාපිටිය, මලික් සමරවික්‍රම, තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන් ද දකුණු කොරියාවේ

ශ්‍රී ලංකා තානාපති මනේෂා ගුණසේකර යන මහත්ම මහත්මීන් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
 

 

news24.lk
News24
sri lanka news 24
24 news