ජනපති සෝල් අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී පිළිගත් ආකාරය

 11/28/2017 - 10:20
90 reads

දකුණු කොරියාවේ සෝල් නුවර ඉන්චොන් ජාත්‍යන්තර ගුවන් තොටුපල (Incheon International Airport) ට ළඟාවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා උණුසුම්ව පිළිගනු ලැබුවා.
 
ඒ එරට විදේශ කටයුතු නියෝජය  අමාත්‍ය  ෂෝ හියුන් (Cho Hyun) , ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රධානි චුන්ග් අයියි-යොන්ග් (Chung Eyi-yon) සහ අනෙකුත් ඉහළ පෙළේ සම්භාවනීය අමුත්තන් විසින්.

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සහ අමාත්‍ය දයා ගමගේ මහතා ඊයේ සෝල් නුවරට පැමිණ සිටියා.

ශ්‍රී ලංකා තානාපති මනීෂා ගුණසේකර සහ විදේශ අමාත්‍යංශයේ අධ්‍යක්ෂ කපිල ජයවීර සහ වරුණ විල්පත්ත යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

ආචාර්ය  සරත් අමුණුගම හා රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන් ද ජනාධිපතිවරයා සමග පැමිණියා.

මලික් සමරවික්‍රම මහතා සහ සහ තලතා අතුකෝරළ මහත්මිය ද සංචාරයට එක්වීමට නියමිතයි.

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
President arrives in Seoul