නත්තලට සුදානම් වන ධවල මන්දිරයේ නිල නත්තල් ගස

 11/22/2017 - 15:00
85 reads

මේ වන විට ධවල මන්දිරයේ නිල නත්තල් ගස මන්දිරයට රැගෙන ඒමට කටයුතු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා  කරනවා.

ඒ අනුව අමෙරිකා ජනාධිපති ආර්යා මෙලනියා ට්‍රම්ප් මෙම නත්තල් ගස නිල වශයෙන් පිළිගැනීමට කටයුතු කර තිබූ බවත් සඳහන්.

සෑම වසරකම මෙම නත්තල් ගස නිල වශයෙන් පිළිගන්නේ ජනාධිපති ආර්යාව වීම විශේෂත්වයක්.

මෙහි උස මීටර 6ක් පමණ වන අතර ගස, ධවල මන්දිරයේ නිල නත්තල් ගස ලෙස පිළිගැනීම සිදුවූයේ පසුගිය සැප්තැම්බර් මාසයේදීයි.

එය තෝරාගනු ලබන්නේ වෘත්තීය නත්තල් ගස් වවන්නන් අතර පැවැත්වෙන තරගයකින් අනතුරුව වීමත් විශේෂත්වයක්.

 

news24.lk
News24
sri lanka news 24
24 news