බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයන කොමිසම හමුවට

 11/20/2017 - 12:46
178 reads

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සොයන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ සොයන ජනාධිපති කොමිසම වෙත පැමිණෙන ලෙස එම කොමිසමේ ලේකම්වරයා විසින් පසුගිය දා අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී තිබුණා.

කොමිසම මගින් මීට පෙර අග්‍රාමාත්‍යවරයා වෙත යොමු කළ ප්‍රශ්නාවලියකට මේ වන විටත් පිළිතුරු ලබා දී ඇති බවයි එහි සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසේන මහතා පැවසුවේ.

බැදුම්කර කොමිසම හමුවේ තමන් පිළිබඳව අවස්ථා කිහිපයකදී සඳහන් වූ බැවින් ඊට සාක්ෂි ලබා දීමට සූදානම් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවස්ථා කිහිපයකදී ප්‍රකාශ කළා.

ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ජනාධිපති කොමිසම වෙත පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සාක්ෂි ලබා දී ඉන් පිටව ගියා.

එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ යහපාලනය ඉදිරියට ගෙන යාමේ අරමුනින් තමන් කොමිසම ඉදිරියේ සාක්ෂි ලබා දුන් බවයි.

යහපාලනය ඉදිරියට ගෙන යාමට ඉදිරියටත් කැපවන බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී අවධාරණය කළේ.

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් රැසක් ද අද උදෑසන කොමිෂන් සභා පරිශ්‍රයට පැමිණියා.

පසුගිය මැතිවරණයේදී එක්සත් ජාතික පක්සය යටතේ තරග කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 34 දෙනෙකුට වැඩි පිරිසක් එම ස්ථානයට පැමිණි බවයි වාර්තා වුණේ.

කොමිසම අවට පරිශ්‍රයේ විශේෂ ආරක්ෂාවක් ද යොදවා තිබෙනවා.

 

news24.lk
News24
sri lanka news 24
24 news