ගාලු මුවදොර පිටියේ මදක් විවේක සුවයෙන්

 11/12/2017 - 13:34
136 reads

ලෝක දියවැඩියා දිනයට සමගාමීව දැනුවත් කිරීමේ පා ගමනක්  සහ ශරීර සුවතා වැඩසටහනක් අද පෙරවරුවේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා.

ගාලුමුවදොර පිටියේ පැවති වැඩසටහනට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ද එක්ව සිටියා.

ජනතාව දැනුවත් කිරීමේ ප්‍රදර්ශන කුටි ද ගාලු මුවදොර පිටියේ ස්ථාපිත කර තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දර, ශ්‍රී ලංකා දියවැඩියා සම්මේලනයේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද ඇතුළු මහත්වරු පිරිසක් ද එක්ව සිටියා.

 ලෝක දියවැඩියා දිනයට සමගාමීව චිත්‍ර ප්‍රදර්ශනය අද විවෘත කෙරුණා.

 

news24.lk
News24
sri lanka news 24
24 news
Diabetes Day Walk