ගාලු මුහුදේ ටොනාඩෝවක් ද?

 11/09/2017 - 20:03
179 reads

ගාල්ල නගරය සහ අවට ප්‍රදේශවල පැවතී මහා වර්ෂාව සමග මුහුදේ ටොනාඩෝ තත්වයක් ඇතිවූ බව ගාලු වැසියන් පවසනවා.

ගාල්ල කොටුව ප්‍රදේශයේ ඈත මුහුදේ ඊයේ (08) මෙම තත්වය ඇතිවී තිබෙන අතර එය විනාඩි 05ක් පමණ කාලයක් තිබු බවත් මහා ජල කන්දක් අහසට ගිය බවත් ඔවුන් සඳහන් කළා.

ගාල්ල කඩේ වැල්ල සහ රත්ගම වැල්ලේ ප්‍රදේශවල ධීවරයින් මේ තත්වය දැක කුණාටු තත්වයක් ඇතිවිය හැකි බැවින් ධීවර කටයුතු නවතා ගොඩබිමට පැමිණි බවයි පැවසුවේ.

(හිනිදුම රවීන්ද්‍ර චන්ද්‍රලාල්)

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
tornado
Galle