සංහිඳියාවේ ගමනක

 11/03/2017 - 06:30
129 reads

ජාතිවාදය, වර්ගවාදය සහ ආගම්වාදය තුරන් කරමින් රටක් ලෙස ඉදිරියට යා හැක්කේ අධ්‍යාපනය තුළින් පමණක් බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජාතික සමගිය පිළිබඳ  අදහස් රටේ මතු පරපුර වන ලක්ෂ සංඛ්‍යාත පාසල් සිසුන්ගේ සිත් තුළට සම්ප්‍රේෂණය කිරීමෙන් ඔවුන් ජාතිවාදයෙන් ආරක්ෂා කළ හැකි බවයි.

ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශය හා ජාතික එකමුතුව සඳහා වන බාකීර් මාකාර් මධ්‍යස්ථානය ඒකාබද්ධව 'විවිධත්වය තුළ එකමුතුව ජාතියේ ශක්තියයි'  මැයෙන් සංවිධාන කළ සමස්ථ ලංකා පාසල් රචනා හා චිත‍්‍ර තරගාවලියේ සහතිකපත‍්‍ර ප‍්‍රධානෝත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මෙම  අදහස් පළ කළා.

පසුගිය දශක තුන තුළ රටේ පැවති ජාතික අසමගිය නිසා ජාතියක් ලෙස පසුපසට ගොස් ඇති බව පැවසූ අමාත්‍යවරයා, රට වත්මනෙහි නව ගමන්මගට යොමුව ඇති බව  පෙන්වා දුන්නා.

අධ්‍යාපනය ලැබීම තුළ මිනිසුන් ජාතියක් ලෙස ශක්තිමත් වන බවත්, රට ගොඩගැනීමේ එකම මග දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබාදීම පමණක් බවත්  අමාත්‍යවරයා කියා සිටියා.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවති උත්ස්වයට, ජාතික සමගිය සහ සංහිඳියා කාර්යාංශයේ සභාපති, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ඇතුලු ආරාධිතයින් රැසක් එක්ව සිටියා.

 

 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news