දිගම්පතහ රක්ෂිතයේ කුණු බුදින අලි ඇතුන්

 11/01/2017 - 15:29
13 reads

දඹුල්ල දිගම්පතහ රජයේ රක්ෂිතයට ගෙනවිත් දමන කුණු කසළ ආහාරයට ගැනීමට පැමිණෙන අලි ඇතුන්ගේ ජිවිත අවදානම වසර ගණනාවක සිටම පහව ගොස් නැති බව ප්‍රදේශවාසීන් පවසනවා.

දඹුල්ල නගරයේ ඉවතලන සියලු කැලිකසළ ගෙනවිත් දමනු ලබන්නේ දිගම්පතහ රක්ෂිතය තුලටයි. එම නිසා මේ වනවිට රක්ෂිතයේ විශාල ප්‍රමාණයක් කසළ සුසානයක් බවට පත්ව ඇති බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ.

කුණු ආහාරයට ගැනීම සඳහා විශාල දළ ඇතෙක්ද මේ දිනවල එම ස්ථානයේ සැරිසරණ අයුරු දැක ගැනීමට හැකියාව ඇති බවයි News24 වාර්තාකරු පවසන්නේ. එසේම වන අලින් ඇතුන්ගේ මළ සමග පොලිතින් රැසක් දැකගැනීමටද හැකියා ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

වන අලින් 25ක 30ක පමණ කණ්ඩායමක් මෙහි නිතර දැකගැනීමට හැකිවන අබවත් ආහාර නොමැති වූ විට අවට ගම්මානවලට ගොස් ජනතාවගේ බව බෝග විනාශ කරන බවත් ජනතාව පෙන්වා දෙනවා.

වසර ගණනාවක සිට දඹුල්ලේ කසල ප්‍රශ්නයට විසඳුම් ලබාදෙන බවට පාලකයන් පැවසුවද මෙතෙක් කුණු ප්‍රශ්නයට විසඳුම් ලැබී නොමැති බව ජනතාව පවසනවා.

 

ඡායාරූප - කාංචන කුමාර - දඹුල්ල

news24.lk
News24
sri lanka news 24
24 news