ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයට ආ මොහොත

 10/29/2017 - 05:52
473 reads

පාකිස්තානය සමග පැවැත්වෙන තුන්වන හා අවසන් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයේ ලාහෝර් නුවරට ලගාවී තිබෙනවා.

එරට වේලාවෙන් අද අලුයම 2. 25ට පමණ ශ්‍රී ලංකා කණ්ඩායම ලාහෝර් නුවරට ලගා වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

2009 වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායමක් එරට තරග සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි.

අද තරගයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 11, 000ක් පමණ යොදවා ඇති බව සඳහන්.

දෙරට අතර පැවැත්වෙන අවසන් 20යි 20 තරගය අද පස්වරු 6.30ට ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

news24.lk
News24
sri lanka news 24
24 news