ශූරයින්ගේ කුසලානය පාකිස්තානයට

 06/19/2017 - 06:58
544 reads

2017 අයි සී සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.
ඔවුන් හමුවේ අවසාන මහා තරගයේ දී ලකුණූ 180කින් පරාජයට පත් වූයේ ඉන්දීය කණ්ඩායමයි.
එංගලන්තයේ ලන්ඩන් නුවර කෙනින්ටන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 4ක් දැවී ලකුණූ 338ක් ලබා ගත්තා.
ෆකාර් සමාන් ලකුණු 114යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 30යි පන්දු 3ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු  158ක් පමණයි.
හර්ඩික් පාන්ඞ්යා ලකුණූ 76 ක් රැස් කළා.
පන්දු යැවීමේ දී මොහොමඞ් අමීර් සහ හසාන් අලී කඩුලු 3 බැගින් බිද හෙලුවා.
අවසන් තරගයේ වීරයා ලෙස ෆකාර් සමාන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවේ හසන් අලී.
මෙය පාකිස්තාන කණ්ඩායමක් අයි.සී.සී ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියක් ජය ගත් පළමු අවස්ථාව වීම ද විශේෂත්වයක්.
මේ අතර අවසන් මහා තරගය පාකිස්තානය හමුවේ පරාජයට පත් වීම හේතුවෙන් ඉන්දීය ක්‍රීඩා ලෝලීන් ඉන්දියාවේ නගර රැසක විරෝධතා පැවැත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔවුන් ක්‍රීඩකයින්ගේ ඡායාරූප පුළුස්සමින් විරෝධතාව පල කර ඇති බව සදහන්.
ඇතැමුන් රූපවාහිනී යන්ත්‍ර පවා විනාශයට පත් කරමින් කලහකාරී ලෙස හැසිරී තිබෙනවා.
උද්ගතවූ තත්ත්වයත් සමග ඉන්දීය හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනි ඇතුළු ක්‍රීඩකයන් කිහිප දෙනෙකුගේ නිවාස වල ආරක්ෂාව ද තර කිරීමට පියවර ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
2 + 11 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.