බන්ධනාගාර රැඳවියන්ටත් නවීන පහසුකම්

 10/17/2017 - 09:34
344 reads

අන්තර්ජාතික ප්‍රමිතීන්වලට අනුකූලව මෙරට ඉදි වූ පළමු බන්ධනාගාරය වූ අගුණකොලපැලැස්ස නව බන්ධනාගාරය විවෘත කෙරුණා.

එහි රැඳිවියන් 1500ක් රඳවා තබාගැනිමේ පහසුකම් පවතින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

රෝහලක්, වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයක්, කර්මාන්ත අංශයක්, පිහිනුම් තටාකයක්, ක්‍රීඩාංගණයක් ඇතුළු අංග රැසකින් එම බන්ධනාගාරය සමන්විතයි.

ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 4996 ක්.

මෙම බන්ධනාගාරය විවෘත කිරීමෙන් අනතුරුව තංගල්ල බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කිරීමට නියමිතයි.

එමෙන්ම වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් ද මෙම බන්ධනාගාරය වෙත රැගෙන ඒමට සැලසුම් කර තිබෙනවා.

ඡායාරූප - අනීෂා මානගේ - තංගල්ල

news24.lk
News24
sri lanka news 24
24 news