අලි නුගේලන්ද වනසන හැටි

 08/13/2017 - 09:26
85 reads

අම්පාර, උහන නුගේලන්ද ප්‍රදේශයේ ජනතාව දිගින් දිගටම  වනඅලි තර්ජන හේතුවෙන් නිසා දැඩි පිඩාවට ලක්ව තිබෙනවා.
මෙම ගැටලුව කාලාන්තරයක් තිස්සේ පවතින අතර නිසි විසඳුමක් ලබා දීමට මේ දක්වා කිසිදු වගකිවයුත්තෙක් නොමැති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ.

ගම්වැසියන්ට වගා කටයුතු සඳහාවත් වන අලින්ගෙන් නිසි අවසරයක් නොලැබෙයි.
රාත්‍රියට පමණක් නොව දිවා කාලයටද නිවෙස්වල රැඳී සිටීම පවා අවිනිශ්චිතය.

පාපැදිවලින් ගමන් කළ කිහිපදෙනෙකුටම පසුගිය දිනවල වන අලීන් ප්‍රහාර එල්ල කර තිබුණා.

පොලිසිය හා වනජීවී නිලධාරීන් ගම්මානයට කැඳවා මෙම ගැටලුව පිළිබඳ කතා බහ කළද ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් ඊට සහභාගී නොවීමෙන් විසඳුමක් ලබාගත නොහැකි වූ බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

( අම්පාර - සමන් චන්ද්‍රතිලක)

 

news24.lk
News24
sri lanka news 24
24 news