ජනපති අයි.ඩී.එච්. විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවක

 06/17/2017 - 18:51
434 reads

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද මුල්ලේරියාව අයි.ඩී.එච්. ජාතික බෝ වන රෝග විද්‍යායතනයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.
රෝහලේ අඩුපාඩු පිළිබඳව සොයා බැලූ ජනාධිපතිවරයා ඒවා කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගන්නා බවයි සඳහන් කළේ.
ඩෙංගු රෝගීන්ගෙන් රෝහල පිරී පැවතීම නිසා මතුවූ තදබදය හමුවේ රෝගීන් ඇතුළත් කිරීම තාවකාලිකව නතර කර තිබුණා.
කෙසේ වෙතත් රෝගීන්ට අවශ්‍ය සියලු පහසුකම් සමග ඔවුන් තලංගම, වෑතර සහ පිළියන්දල රෝහල්වෙත යොමු කිරීමෙන් අනතුරුව රෝහලේ කටයුතු යළි සාමාන්‍ය පරිදි සිදු කෙරෙමින් පවතිනවා.
මෙම කටයුතු පිළිබඳ සොයා බැලූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ වෙනත්  රෝහල් වෙත යොමු කෙරෙනු එම රෝගීන්ට අවශ්‍ය සියළු විශේෂඥ වෛද්‍ය පහසුකම් නොඅඩුව සම්පූර්ණ කරන ලෙසයි.
අනතුරුව ඩෙංගු රෝගීන්ගේ වාට්ටු සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිවරයා එම රෝගීන්ගේ තොරතුරු විමසා සුහඳ කතාබහක ද නිරත වුණා.

පසුව කාර්යය මණ්ඩලය සමග ද හමුවකට එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඖෂධ ඇතුළු රෝහලේ අනෙකුත් අඩුපාඩු පිළිබඳ විමසා බැලූ බවයි ජනාධිපති මාධ්‍ය අංශ්‍ය සඳහන් කළේ.
මේ අතර ජාත්‍යන්තර යෝග දින සැමරුම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී අද උදෑසන පැවැත්වුණා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ස්කයිප් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ වෙමින් සුබ පැතුම් එක් කළා.

 

 

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
3 + 0 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.