කඩා වැටුණු MI-17 හෙලිකොප්ටරය රැගෙන ගිය හැටි

 06/03/2017 - 07:07
1297 reads

පැවති ආපදා තත්වය හමුවේ දෝෂයකට ලක්ව, බද්දේගම ප්‍රදේශයට පසුගිය 29දා උදෑසන කඩා වැටුණු ගුවන් හමුදාවට අයත් MI-17 වර්ගයේ හෙලිකොප්ටරය  ඉන් ඉවත් කර ගත්තා.

බද්දේගම ඉනිමංකඩ ප්‍රදේශයට හදිසියේ කඩා වැටුනේ යාන්ත්‍රික දෝෂයක් නිසා බවයි ගුවන් හමුදාව පැවසුවේ.

හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් කිසිවකුටත් අනතුරෙන්  ජීවිත හානි සිදුවූයේ නැහැ.

අනතුරට පත් එම්.අයි. 17 වර්ගයට අයත් හෙළිකොප්ටර යානය පැදවූ නියමු බලඝන නායක භානුක දෙල්ගහගොඩ මහතාට දුරකතනයෙන් කතා කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ වීරත්වයට සිය ප්‍රශංසාව පළ  කළා.

ඒ, ඔහු යානය අනතුරට පත්වූ අවස්ථාවේදී ඉතා සූක්ෂම ලෙස යානය වතුරට ගොඩබස්වා අනෙකුත් කාර්යය මණ්ඩලය නිරුපද්‍රිතව බේරා ගැනිම හේතුවෙන්.

මේ අතර නෙළුව දූවිලිඇල්ල ප‍්‍රදේශයේ දී ගංවතුරින් විපතට පත් වු පිරිස් බේරා ගැනීමේ කටයුතුවල නිරත වෙමින් සිටියදී හෙලිකොප්ටර් යානයේ කේබලය කඩා වැටීමෙන් ශ්‍රී  ලංකා ගුවන් හමුදාවේ  බලපන්ති සැරයන් සේනක යාපාරත්න මියගියා.

 

Add new comment

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
5 + 9 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.