වියළි කාලගුණයෙත් ඝණ මීදුම්

 12/23/2017 - 14:26
93 reads

මධ්‍යම කඳුකරයට වියළි කාලගුණ තත්ත්වයක් පැවතිය ද අද අලුයම සිට නුවරඑළිය - බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඝණ මීදුම් තත්ත්වයක් දක්නට ලැබෙනවා.

විශේෂයෙන් හග්ගල සිට වැලිමඩ දක්වා ස්ථාන කිහිපයක් මීදුමෙන් වැසී යාම නිසා රථවාහන ගමනාගමනයට ද බාධා පැවතියා.

සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමඟ නුවරඑළිය - බදුල්ල ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු ඉහළ ගොස් ඇති බැවින් සැලකිල්ලෙන් රිය ධාවනය කරන ලෙසයි නුවරඑළිය පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

අඩු උෂ්ණත්වය සහ ඉහළ ආර්ද්‍රතාව හේතුවෙන් ජනවාරි මාසයේ මැද භාගය වන තුරු මධ්‍යම පළාතේ විශේෂයෙන් ඉහළ කඳුකරයේ මෙවැනි මීදුම් තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

එහි අධ්‍යක්ෂ අතුළ කරුණානායක මහතා සඳහන් කළේ මේ වන විට මධ්‍යම කඳුකරය ආශ්‍රිතව මල්තුහින තත්ත්වයක් ද පවතින බවයි.

(හැටන් - රංජිත්  රාජපක්ෂ)

 

 

 

news24.lk
News24
sri lanka news 24
24 news
mist
NuwaraEliya
Weather
MET