යානා දෙකකින් සමන්විත ලොව දැවැන්තම ගුවන් යානය මෙන්න

 06/02/2017 - 21:57
1343 reads

පාපන්දු පිටියකට වඩා විශාලත්වයෙන් වැඩි, ලොව  මෙතෙක් නිෂ්පාදනය වූ දැවැන්තම ගුවන් යානය පිළිබඳ ලෝකයාගේම අවධානය යොමු වුණා. ඒ මෙම යානය අත්හදා බැලීම් කටයුතු කැලිෆෝනියාවේ  සිදු කෙරීමත් සමගයි.

යානයේ පියාපත් අඩි 385ක (මීටර 117ක) දිගකින් යුක්තයි. ආදී 238ක් එනම් මීටර 72ක් පමණ යානය දිගින් යුතුවෙයි.

මයික්‍රොසොෆ්ට් සමාගමේ සම  නිර්මාණය කරුවෙකු වූ  පෝල් ඇලන් නම් බිලියනපතියා විසින්  මෙය  නිර්මාණය කර තිබෙනවා.  .

නියමු කුටි දෙකකින් ද සමන්විත ගුවන් යානා දෙකක් එකට සම්බන්ධ වී ඇති ආකාරයටයි  එය සැළසුම් කර  නිර්මාණය කෙරුණේ.

බෝයිං 747 වර්ගයේ එන්ජින්  6ක්  සහ  රෝද 28ක් අඩංගු මෙම දැවැන්තයාට  රාත්තල් ලක්ෂ 5ක බරක් ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතින බවයි පැවසෙන්නේ.

යානය නිර්මාණයට   වැය කර ඇති මුදල් ඩොලර් මිලියන 300ක්.

යානයට රාත්තල් ලක්ෂ 5ක බරක් ප්‍රවාහනය කිරීමේ හැකියාව පවතිනවා. මෙම යානය නිල වශයෙන් 2019 දී ගුවන් ගත කිරීමට සැලසුම් කර සිටිනවා.

 

worlds-biggest-ever-plane

Comments