ජනපති ළග අසුනේ ගුවනින් ගිය නාඳුනන මගියා ?

 05/24/2017 - 17:24
2386 reads

ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස   ඕස්ට්‍රේලියාව බලා යන අතරතුර ගුවන් යානය සිංගප්පූරුවට ගොඩ බැස්සවූවේ එය සාමාන්‍ය ගුවන් ගමනක් නිසයිසිංගප්පූරු නැවතුමෙන් පසු යානය  ඕස්ට්‍රේලියාව බලා පිටත්වුනා. මෙහි දී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ට වම්  පස අසුනේ නාඳුනන පුද්ගලයෙක් සිටියා.

විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද  සිල්වා මහතා පවසන්නේ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනත් රටක නොහඳුනන මගියෙක් සමග සාමාන්‍ය මගියෙකු ලෙස ගමනේ නිරතවන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් සම්පූර්ණ ගුවන් යානයක් වෙන් කරවාගෙන  නිල සංචාර සඳහා එක්වූ බව  විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද  සිල්වා මහතා ට්විටර් පණිවුඩයකින් පෙන්වා දී  තිබුණා.

එලෙස විශේෂ යානා භාවිත නොකොට සාමාන්‍ය ගුවන් ගමනක යෙදෙන  මෛත්‍රීපාල සිරිසේන මහතා, තමන් ඇතුළු පිරිස සමගම රැඳී සිටිමින් ගමනේ යෙදෙන බවද ආචාර්ය හර්ෂ ද  සිල්වා මහතා  පවසනවා.

 

 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඕස්ට්‍රේලියා සංචාරයේ  ආරම්භය සනිටුහන්  කරමින් මහෝගනී පැලයක් රෝපණය කළේ කැන්බරා ජාතික උද්‍යානයේ.